MICROORGANISMS THAT BREAK DOWN OIL

102015452_univ_lsr_lgIN 2010, almost five million barrels (800 million L) of crude oil leaked into the Gulf of Mexico after a drilling rig exploded and sank. Yet, within months much of the contamination had disappeared. How was that possible?

Consider: Scientific research has shown that an array of marine bacteria can break down the long-chain carbon molecules present in oil. Professor Terry Hazen, an environmental microbiologist, described these organisms as “oil-seeking missiles.” Such organisms were partly responsible for what took place in the Gulf of Mexico, as described at the outset.

“In a sense, it is no surprise that the seas should host oil-hungry microbes,” says a BBC report on the topic. After all, “natural seeps from the ocean floor have been releasing oil into the world’s waters” for aeons.

Granted, human efforts in cleaning oil spills are productive. Yet, man’s best efforts to clean up oil spills may do more harm than good. Chemical dispersants interfere with natural processes that break down oil. Added to that, such chemicals are toxic and have lasting ill effects on the environment. But nature’s oil-decomposing capacity, including oil-hungry microbes, enables the sea to activate a self-cleansing process without the negative side effects of artificial methods.

Advertisements

පාට වෙනස් කරන දැල්ලා

IMAX UNDER THE SEA 3D
A Giant Cuttlefish (Sepia apama) 

පරිසරයට අනුව හමේ පාට වෙනස් කරගෙන හැංගිලා ඉන්න දැල්ලාට තියෙන්නේ පුදුමාකාර හැකියාවක්. එක වාර්තාවක ඒ ගැන මෙහෙම සඳහන් වෙනවා. “දැල්ලාගේ හමේ විවිධාකාර වර්ණ රටා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒවා ක්ෂණිකව වෙනස් කරන්නත් ඌට පුළුවන්.” දැල්ලා ඒ වගේ දෙයක් කරන්නේ කොහොමද?

        දැල්ලාට තියෙන්නේ විනිවිද පෙනෙන හමක්. මේ විනිවිද පෙනෙන හමට යටින් තියෙන්නේ ක්‍රොමැටොෆෝස් කියලා හඳුන්වන විශේෂ සෛල වර්ගයකින් හැදුණු ස්තර කිහිපයක්. ඒ සෛලවල තියෙන මල්ලක් වැනි දෙයක් ඇතුලේ වර්ණක තැන්පත් වෙලා තියෙනවා. පාට වෙනස් කරන්න ඕන වුණාම මේ මලු ප්‍රසාරණය කරන්න කියලා දැල්ලාගේ මොළෙන් පණිවිඩයක් එනවා. මලු ප්‍රසාරණය වෙද්දී ඒවා ඇතුලේ තියන වර්ණකත් ප්‍රසාරණය වෙනවා. උගේ හමේ පාට හා රටාවන් වෙනස් වෙන්නේ ඒ නිසයි.

110

එංගලන්තයේ බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරුවන් පිරිසක් දැල්ලාගේ හමට සමාන කෘත්‍රිම හමක් නිර්මාණය කළා. ඔවුන් වර්ණක වෙනුවට භාවිත කළේ රබර්වලින් හදපු කලු පාට ද්‍රව්‍යක්. ඒ කෘත්‍රිම හමට විදුලිය ලබා දුන්නාම කලු පාට රබර් පැල්ලම් ප්‍රසාරණය වුණා. විදුලිය විසන්ධි කළාම නැවතත් ඒවා තිබුණු තත්වයටම පත් වුණා. ඒ විදිහට මේ කෘත්‍රිම හමේත් පාට වෙනස් වුණේ දැල්ලාගේ හම වගේමයි.

ඉන්ජිනේරුවෙක් වන ජොනතන් රොසිටර් ඒ ගැන මේ වගේ දෙයක් කිව්වා. ‘පාට වෙනස් වෙද්දී දැල්ලාගේ හම ක්‍රියා කරන විදිහ හරිම සරලයි.’ ක්ෂණිකව පාට වෙනස් වෙන ඇඳුම් නිර්මාණය කරන්න මේ තාක්ෂණය ප්‍රයෝජනවත් වෙයි කියලත් අනිත් අයට නොපෙනී ඉන්න හරි විලාසිතාවක් විදිහට හරි මිනිස්සු ඒ ඇඳුම් පාවිච්චි කරයි කියලත් ඔහු කිව්වා.

ගණන් හදන පැළෑටි

102015408_univ_lsr_lg

ප්‍රභාසංශ්ලේෂණයේදී ශාක හිරු එළිය උපයෝගී කරගෙන ආහාර නිපදවනවා. සමහර ශාක විශේෂයන්, තමන් නිපදවපු ආහාර පරිභෝජනය කරන්න ගණන් හදනවා කියලත් පර්යේෂකයන් හොයාගෙන තියෙනවා.

දවල් කාලෙදී ශාක වායුගෝලයේ තියෙන කාබන්ඩයොක්සයිඩ් ලබාගෙන පිෂ්ඨය හා ග්ලූකෝස් හදනවා. ඒ විදිහට දවල් කාලෙදී ගබඩා කරගන්න ආහාර, හුඟක් ශාක ප්‍රයෝජනයට ගන්නේ රාත්‍රී කාලයේදී. ඒ නිසා ඒවා පෝෂණය වෙනවා වගේම වර්ධනයත් වෙනවා. ශාක ගබඩා කරගත්ත ආහාර පරිභෝජනයට ගන්නේ නිශ්චිත වේගයකින්. ඕනෑවට වඩා හෙමින්වත් වේගයෙන්වත් නෙමෙයි. ඊළඟ දවසේ එළිය වැටෙද්දී මේ ශාක ගබඩා කරගත්ත ආහාරවලින් 95%ක් පරිභෝජනය කරලා ඉවර කරනවා.

මේ තොරතුරු හොයාගත්තේ අබ වර්ගයට අයත් පැළෑටියක් ගැන පර්යේෂණ කරලයි. ඒ පැළෑටි දවල් කාලයේ ගබඩා කරගත් ආහාර රාත්‍රිය පවතින කාලයට අනුව කොටස්වලට වෙන් කරගෙන ආහාරයට ගන්නවා. ඒ නිසා පසුවදා එළිය වැටෙන්න පැය 8ක් 12ක් හෝ 16ක් ගත වුණත් පැළෑටිය පෝෂණය වෙන එක නතර වෙන්නේ නැහැ. මේ විදිහට බලද්දී ගබඩා කරගෙන තියෙන ආහාර, කොටස් වශයෙන් පරිභෝජනයට ගන්න පුළුවන් හොඳම විදිහ තීරණය කරන්න මේ පැළෑටිවලට පුළුවන් කියලා පර්යේෂකයන් හොයාගත්තා.

මේ ශාක ගබඩා වෙලා තියෙන ආහාර ප්‍රමාණය දැනගන්නේ කොහොමද? කාලය මනින්නේ කොහොමද? ශාකවලට ගණන් හදන්න පුළුවන් වුණේ කොහොමද? ඉදිරියේදී කරන පර්යේෂණවලින් ඒ තොරතුරු අපිට දැනගන්න පුළුවන් වෙයි.