සොබාදහමේ අපූර්ව නිමැවුම්

                                       අභිරහස් අරැම පුදුම විශ්මිත දේවල් ගැන දැනගන්න අපි හැමෝම කැමතියි.  මේ පළවෙන්නේ ලෝකයේ එක් එක් ස්ථාන වල සොබාදහම විසින්ම නිර්මාණය කරන ලද අපූරැ පිහිටීම් කිහිපයකි.


පිළිපීනයේ චොකලට් නිම්නය

800px-Chocolate_Hills_overview

කේතු හැඩැති කුඩා කදුගැට වැනි වස්තූන් 1,770 පමන මේ නිම්නයේ අඩංගු වේ. මේ  හේතුව තාමත් භූ විද්‍යාඥයන්ට නම් අභිරහසක්. මේ අපූරැ කේතු වර්ගය කිලෝමීටර 50 ක් පුරා විහිදී පවතිනවා.


නවසීලන්තයේ මොවුරකි ගල්පරවත

aObL0HC

නවසීලන්තයේ දර්ශනීය “කොයිකොහේ” වෙරළ තීරය පුරා විසිරී ඇති මේ කලු ගල් බෝල සංචාරකයන්ගේ නොමද අවධානයට ලක් වන දසුනක්. ඉතා දුර්ලභ ඛනිඦ වර්ගයකින් සැදී ඇති මෙය අවුරැදු මිලියන 26 කට වඩා පැරණිය.


නවසීලන්තයේ මොවුරකි ගල්පරවත

128073457

හුණුගල් හා වැලිගල් කඳු දහස් ගණනක්මේ කාන්තාරය හරහා විසිරී තිබේ. මේ කඳු සමහරක් මීටර 04 ක් පමණ උස් වේ. තවත් මෙවැනි අපූර්ව පර්වත පිහිටීම් ඕස්ටේලියා පුරා දක්නට ලැබෙන අතර ඒ අපූර්ව පිහිටීම් ජනපය සංචාරක ස්ථාන බවට පත්වී ඇත.


චීනයේ පාෂාණ වනාන්තරය

rock forest(1)

දකුණු චීනයේ වර්ග කිලෝමීටර් 500,000 ක් පුරා පැතිරැන භූ ලක්‍ෂන අඩංගු මේ භූමිය යුනෙස්කෝ ලෝක උරැමයක් ලෙසද නම් කර තිබේ. මේ පෂණ කනු වල හැඩතල හා වර්ණ සංකලනය එකිනෙකත වෙනස් වන අතර සොබාදහමේ වශ්මිත නිර්මාණයක් ලෙස මෙ‍ය හැඳින්විය හැකිය.


ඇමරිකාවේ ඇන්ටිලෝප් කැනියම

Antelope-Canyon2
 ඉතා විශ්මයජනක පර්වත පිහිටීමක් ඇති මේ කනියම ඉහල හා පහල වශයෙන් කොටස් දෙකකට බෙදේ. මේ පර්වත අතරින් ජලය ගලායාම නිසා මේ අමුතු හැඩය ගෙන ඇතැයි පැවසෙන අතර ඉහල කොටසට වඩා පහළ කොටස ගැඹුරැ වේ.